රන් කිලෝ 9ක්, මුදල් රු. ලක්ෂ 169ක් සමග පුද්ගලයන් 10ක් අල්ලයි
වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් මඩවල ප්‍රදේශයේ හෝටලයක නැවතී සිටි පිරිසක් ළඟ තිබී රත්රන් කිලෝ 03 ග්‍රෑම් 930 ක්( කිලෝ තුනයි ග්‍රෑම් නවසිය තිහක්) සහ මුදලින් රුපියල් 1,69,00,000 ( එක් කෝටි හැට නව ලක්ෂයක්) ද සමඟ පුද්ගලයින් දස දෙනෙකු වත්තේගම පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාට ලැබුණු තොරතුරක් අනුව ඊයේ ( 22 ) රාත්රියේදී මෙම හෝටලය පරික්ෂා කර ඇති අතර එහිදී එහි රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් දස දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම පුද්ගලයින් දස දෙනා අතර අඹු සැමියන් යුුවළ දෙකක් තිටින බව පොලිසිය කියයි.
මෙම එක් අඹු සැමි යුවළක් ළඟ තිබී මෙම කිලෝ තුනයි ග්‍රෑම් 930 ක් බර රත්රන් සහ 1,69,00,000 ක මුදල්ද සොයා ගෙන තිබේ.
කෙසේ නමුත් ඔවුන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ තමන් ස්වර්ණාභරණ හලක් කොළඹ හෙට්ටිවීදියේ දීර්ග කාලයක් තිස්සේ පවත්වාගෙන යන බවත් එහිදී එකතු කර ගත් රත්රන් උණු කර මෙම රන් කුට්ටි සකස් කරගත් බවත්ය.
කෙසේ නමුත් මෙම ස්වර්ණාභරණවල නිසි හිමිකාරිත්වය ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා මෙම සැකකරුවන් දස දෙනා අත් අඩංගුවට ගෙන තිබේ. එයට අමතරව ඔවුන් සතුව තිබූ රත්රන් කිලෝ තුනයි ග්‍රෑම් 930 ත්, රුපියල් එක් කෝටි හැට නව ලක්ෂයක මුදල්, ඔවුන් පැමිණි සුඛෝපභෝගී වාහන දෙකක්, ඩ්‍රිල් මැෂින් රන් පරීක්ෂා කරන උපකරණයක් ඇතුළු උපකරණද පොලිස් භාරයට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.
මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාගේ සහ තෙල්දෙණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හර්ෂ අමරසිංහ මහතාගේ අධීක්ෂණය සහ පොලිස් අධිකාරි ජානකී සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
